විපක්ෂ නායක කාර්යාලයේ දී ම රාජිත සජිත්ට නෙළයි !

රජවෙන්න පොරකන්නේ  නැතිව විපක්ෂයේ සියලු පක්ෂවල වටමේස සාකච්ඡාවක් කැඳවා පොදු වැඩ පිළිවෙළකට යා යුතු බව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ජනාධිපති වෙන්නේ සජිත් ද, රාජිත ද, පාටලී ද, අනුර ද, යන්න ජනතාවට වැඩක් නැති බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාගෙන යන්නේ තමා ජනාධිපති වී ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳන බව සහ අච්චාරු ආණ්ඩු හදන්නට තමන් සුදානම් නැති බව යි. එනම් විපක්ෂයේ වෙනත් පක්ෂ සමග සමගියකට සුදානම් නැති බව යි.

සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වන රාජිත සේනාරත්න මහතා, ජනාධිපති වෙන්නේ කවුදැයි ජනතාවට වැඩක් නැති බව කියමින් විපක්ෂයේ සියලු පක්ෂ සමගියකට කතා කිරීම, පක්ෂ නායක සජිත්ට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමක් බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ගැන කතා නොකරන ලෙසත්, තමන්ගේ වැඩ පිළිවෙළ රටට ඉදිරිපත් කළ යුතු බවත්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද පසුගිය දා ප්‍රකාශ කළේ ය.

43 සේනාංකය ගොඩ නගාගෙන වෙන ම ගමනක් යන පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කොට ඇත්තේ රටේ අද පවතින ප්‍රශ්නවලට විසඳුම් සමගි ජන බලවේගය සතුව නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *