නොරච්චෝලේ යන්ත්‍රයක් අක්‍රීය කරයි ; ලංවිම ඉංජිනේරුවෝ විදුලිය කපති

පසුගිය සති කිහිපයක් තිස්සේ අක්‍රීයව තිබී ඊයේ පද්ධතියට එක කළ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් බව කියමින් මේ වනවිට අකර්මන්‍ය කර ඇති අතර ප්‍රදේශ ගණනාවක විදුලි කැපීම ක්‍රියාත්මක කොට තිබේ.

විදුලිය කැපීමට ලංවිම ඉංජිනේරුවන් මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේ ජනවාරි මුල් සතියේ ය. කොමිසම මේ වනතෙක් එයට අවසර දී නැති අතර හදිසි මිල දී ගැනීම් කිරීමට මණ්ඩලය කළ ඉල්ලීමට ඊයේ කැබිනට අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත්, විදුලි මිල දී ගැනීම පිළිගත් ටෙන්ඩර් ක්‍රමවේදයක් යටතේ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

නොරච්චෝලේ බලාගාරය යළි අක්‍රීය වී ඇත්තේ එබඳු පසුබිමක ය.

ලංවිමයේ පසුගිය කාලයේ සිදු වූ විදුලි බිඳවැටීම් ගණනාවක් කඩාකප්පල්කාරී ක්‍රියා බවට චෝදනා නැගී තිබේ. ඒවා පිලිබඳ පරීක්ෂණ වාර්තා ද මෙතෙක් එලි දැක නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *