කොන්ත්‍රාත් කරුවන්ගෙන් මුදල් ගන්න ලංවිම ඉංජිනේරුවන් සුක්ෂම ක්‍රම යොදාගෙන තිබෙනවා – හිටපු සාමාන්‍යධිකාරී සුසන්ත පෙරේරා

බැංකු ගිනුමක මුදල් තැන්පත් කරවාගෙන ඩෙබිට් කාඩ් පත මගින් මුදල් ලබා ගැනීමේ සුක්ෂම ක්‍රමයක් ලංවිම ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ඉංජිනේරුවරයකු විසින් ක්‍රියාත්මක කොට ඇති බවත්, එය අල්ලා ගැනීම ඉතාම අපහසු බවත්, දැන් සිදුවීම් අනුව විදුලි මාෆියාවක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස පැහැදිලි වන බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍යධිකාරී සුසන්ත පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

කොන්ත්‍රාත් කරුවන්ගෙන් මුදල් ලබාගන්නා  නව ක්‍රමය වන්නේ කොන්ත්‍රාත් කරුගේ නමින් බැංකු ගිනුමක මුදල් තැන්පත් කරවාගෙන ඩෙබිට් කාඩ්පත ඉල්ලාගෙන ඒ ටී එම් යන්ත්‍ර මගීන් බැංකුවෙන් මුදල් ලබා ගැනීම යි. එවිට මුදල් ලබා ගත්තේ කවුදැයි සොයා ගැනීම ඉතා දුෂ්කර වෙයි.

දැන් සිදුවන සිදුවීම් අනුව විදුලි මාෆියාවක් පිලිබඳ කතාව ප්‍රතික්ෂේප කළ නොහැකි බව ද ඒ මහතා කියයි.

චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා සමග TRUTH WITH CHAMUDITHA වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා ලංවිමයේ සිදුවන බොහෝ දුෂණ වංචා පිළිබඳව හෙළිදරව් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *