පසුගිය වසර 5 ක දී 16 වතාවක් හදිසි විදුලිය ගන්න හැදුවා, අපි ඉඩ දුන්නේ නැහැ – මහජන උපයෝගිතා කොමිසම

ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසර පහක කාලය තුළ අවස්ථා දහසයකට වැඩි ගණනක දී පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිල දී ගැනීම් සඳහා ඉල්ලීම් කළ බවත්, මහජන උපයෝගිත කොමිසම එයට ඉඩ නොදුන් බවත්, එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද ප්‍රකාශ කළේ ය. එසේ වුව ද එම කිසිදු අවස්ථාවක විදුලිය කැපීමට සිදු නොවූ බව ද ඒ මහතා කී ය. එලෙස විදුලිය කැපීමට ඉඩ නොදීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලැබුණු මුදල් ඉතිරිය රුපියල් බිලියන 570 කට වැඩි ය.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතා ඒ මහතා වැඩි දුරටත් කීවේ පසුගිය අට වැනිදා සිට විදුලි ඉංජිනේරුවන් ඉල්ලා සිටි විදුලි කප්පාදුවට ඉඩ නොදීමෙන් රටට රුපියල් බිලියන තිහක හානියක් වළකා ගත හැකි වූ බව යි. රටේ අද තිබෙන ආර්ථික තත්ත්වය හමුවේ එය විශාල සහනයක් බව ද රත්නායක මහතා අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවේ විදුලිය කැපීමක් අවශ්‍ය නොවන නමුත් විදුලි ඉල්ලුම අඩු කර නොගතහොත් ඉදිරි මාස දෙකේ දී යම් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *