විදුලිය කපන්නේ නැහැ – මහජන උපයෝගිතා කොමිසම

නැවත දන්වන තුරු විදුලි කැපීම සඳහා අවසර නොදෙන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරයි.

විදුලිය කැපීම අත්‍යවශ්‍ය බවට විදුලි ඉංජිනේරු සංගමය පසුගිය දා ප්‍රකාශ කළ ද එයට අවසර නොදුන් මහජන උපයෝගිත කොමිසම අද සවස රැස් වී තීරණය කළේ පවතින තත්ත්වය යටතේ විදුලිය කැපීමක් අවශ්‍ය නොවන බව යි.

නොරච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබු ජනක යන්ත්‍රය නැවත පද්ධතියට එක කිරීමත්, විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කොට තිබීමත් නිසා විදුලි කැපීමක් අවශ්‍ය නොවන බව තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *