කතරගම සතොස බලන්න ගිය වෙළෙඳ ඇමති බන්දුලට කාන්තාවක් ඇති තතු කියාදෙයි

කතරගම සතොස වෙළෙඳ සැල පිළිබඳව සොයා බැලීමට එහි ගොඩ වූ වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට කාන්තාවක් දැඩි ලෙස බැන වැදී ඇති බව වාර්තා වෙයි.

ඇමතිතුමා රූපවාහිනියෙන් බොරු කියන බවත්, ඒ කියන කිසිවක් නොකරන බවත්, කී කාන්තාව ඇමතිතුමා සතොසින් දෙනවා ය කියන සහල් කෝ තියෙනවා දැයි ප්‍රශ්න කොට තිබේ.

ඒ වනවිට වෙළෙඳ සලේ කිසිදු සහලක් තිබී නැති බව කියති.

තමන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම ගැන කාන්තාව ඇමැතිටත් රජයටත් බැන වැදී තිබේ.

එම බැන වැදීම හමුවේ සතොස වෙළෙඳ සැල නිරීක්ෂණය නවතා ඇමතිවරයා වහා ම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඇමතිවරයා කතරගම සතොස නිරීක්ෂණයට ගියේ ප්‍රදේශයේ වෙනත් කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව බව ද වාර්තා  වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *