අපි ආණ්ඩුවක් ගත්තත් රට හැදෙන්නේ නෑ – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

 

පවතින තත්ත්වය යටතේ තම පක්ෂය ට ආණ්ඩු බලයක් ලැබුණත් රට දියුණු කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ අනුව රට දියුණු කිරීමට නම් කළයුතු වෙනස්කම් කිහිපයක්ම ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

“අපි ආණ්ඩු ගත්තා කියලා මේ රට දියුණු වෙන්නේ නෑ. අනිත් පැත්තෙත් ආර්ථික විශේෂඥයෝ ඉන්නවානේ. අපෙත් ඉන්නවා ඉතා විශිෂ්ට කට්ටිය. එතකොට දෙපැත්තේම ඉඳළත් මේ රට හැදෙන්නේ නෑ. හැදෙන්නේ නැත්තේ ඇයි ?. දූෂණය සහ අවභාවිතාව. වගකීමක් නෑ.

ඒ හින්දා මොන ආර්ථික විශේෂඥයා ආවත් ඒ ගොල්ලෝ බැලනස් කරලා අරම මෙහෙම කියයි.

රටේ නිෂ්පාදනය නැතිනම් එක පැත්තකින් රට උඩ යන්නේ නෑ. අනිත් පැත්තෙන් දූෂණය. අපේ පක්ෂය වෙනස් වෙන්න ඕනේ නම් අපි මේවා තේරුම් අරගෙන මේ ලයින් එකේ වැඩ කරන්න ඕනේ. නායකතුමා මෙතන හිටියා නම්.. මේ පණිවුඩය මෙහෙම්ම ම කියනවා මං.

එතුමට මම බදුල්ලේ දී කිව්වා.. ඔබතුමා මීට පස්සේ රණසිංහ ප්‍රේමදාස කියන නමවත් කියන්න එපා කියලා. මොකද ඒවාගෙන් දැන් අපිට වැඩක් නෑ. අපි අනිවාර්යයෙන්ම අපේ ගමනක් හදාගන්න ඕනේ. අපේ නායකයෝ හැදෙන්න ඕනේ.”

අරුණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *