කොවිඩ් පිහිටෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට !

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පසුගිය වසරේ ඉහළ ගොස් ඇති බවත්, එයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ, කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුව ආවරණ සහ අත් වැසුම් ආදී සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සඳහා ඉහළ ඉල්ලුමක් ලැබීම බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පසුගිය වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 15.1 ක් බව සහ එය පෙර වසරට වඩා සියයට 23 ක ඉහළ යාමක් බව යි.

කොවිඩ් තත්ත්වය නිසා අලුතින් ඉල්ලුමක් නිර්මාණය වූ භාණ්ඩ නිෂ්පාදනයට සහ අපනයනයට මෙරට ඇඟළුම් සහ රබර් භාණ්ඩ නිෂ්පාදකයින් පියවර ගැනීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්ව තිබේ.

ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් ඇති වෙළෙඳ සන්නාම යටතේ අලෙවි වන වැඩි වටිනාකම් සහිත සෞඛ්‍ය ආරක්ෂක භාණ්ඩ රාශියක් මේ වනවිට ශ්‍රී ලංකාවේ නිපදවන බව තතු දත් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ එම භාණ්ඩ සඳහා බටහිර රටවල ඉහළ ඉල්ලුමක් පවතියි.

මෙලෙස වෙනත් අංශවලින් ශ්‍රී ලංකාවට අවාසිදායක වූ කොවිඩ් තත්ත්වය අපගේ අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *