හදිසි විදුලි මිලදී ගන්න විදුලි ඉංජිනේරුවන් හිතාමතා අර්බුදයක් නිර්මාණය කරලා – පරීක්ෂණයක් කරන්නැයි මණ්ඩලයේ සභාපති නියෝග කරයි

දැන් ඇති වී තිබෙන විදුලි අර්බුදය විදුලි බල මණ්ඩලයේ ම පිරිසක් විසින් හිතාමතා ඇතිකරන ලද්දක් බවට පැහැදිලි ලිඛිත සාක්ෂි  ඇති බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කොට වගකිවයුත්තන්ගෙන් පාඩුව අයකර ගැනීමට ක්‍රියා කරන ලෙසත්, විදුලි බල මණ්ඩලයේ මේ වනවිටත් සභාපති තනතුර දරන එම් එම් එස් ෆෙර්ඩිනාන්දු මහතා මණ්ඩලයේ නව වැඩ බලන සාමන්යධිකරී වරයාට ලිඛිතව නියෝග කොට ඇත.

මණ්ඩලයට නව විදුලි ජනක යන්ත්‍ර මිල දී ගැනීමට 2019 දී අනුමැතිය දී තිබුන ද ඒ අනුව ක්‍රියාත්මක නොවී ව්‍යාජ හේතු දක්වා එම මිල දී ගැනීම අවලංගු කිරීමත්, කෙරවලපිටියේ ඉදිකරන සොබාදනවී බලාගාරයේ වැඩ කටයුතු හිතාමතා  ප්‍රමාද කිරීමත් මගින් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය කළ බවට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මණ්ඩලයේ වගකිව යුත්තන්ට චෝදනා කරයි.

එලෙස නිර්මාණය කළ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙගාවොට් 300 ක හදිසි විදුලි මිල දී ගැනීමකට ජනවාරි 24 දා ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේ දී මණ්ඩලයට අවසර ලබා දී ඇත.

මෙම මිල දී ගැනීම් කරනවා නම් විදුලි බල මණ්ඩල පනතේ රෙගුලාසි අනුව තරඟකාරී කොන්දේසි යටතේ පමණක් එය සිදුකළ යුතු බවට ද සභාපතිවරයා තම ලිපියෙන් වැඩ බලන සමාන්යධිකරී වරයාට නියෝග කොට තිබේ.

විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යධිකාරී ලෙස පත්කොට සිටි සුසන්ත පෙරේරා මහතා ඉවත් කොට නව සමන්යධිකරී ලෙස රෝහන්ත අබේගුණවර්ධන මහතා පත් කරන ලද්දේ මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ඉල්ලීම පරිදි ය. සභාපතිතුමා තම නියෝගය කරන්නේ එම අලුතින් පත් වූ සාමාන්‍යධිකාරී වරයාට ය.

ලංවිම සභාපති ෆර්දිනාන්දු මහතා ද පෙබරවාරි 1 දා  සිට ඉවත්වීමට තම ඉල්ලා අස්වීම භාර දී ඇතත්, එය තවමත් පිළිගෙන නැති බව විදුලි බල ඇමතිවරයා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *