තත්ත්වය අමාරුයි ; අයි එම් එෆ් යන්න සුදානම් – මුදල් ඇමති බැසිල් විදෙස් මාධ්‍යයට කියයි

රටේ ජාත්‍යන්තර ණය ගෙවීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව මුදල් ඇමති බැසිල් ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

මෙම වසරේ දී ඩොලර් මිලියන 6.9 ක් ණය ගෙවීමට ඇති බවත්, එය ඉතා අපහසු ඉලක්කයක් බවත්, මේ වනවිටත් රටේ විදේශ විනිමය සංචිත අවසන්ව ඇති බවත් මුදල් ඇමති තුමා ප්‍රකාශ කොට තිබේ.

එම ණය ගෙවන අතර ම රටට අවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මුදල් සොයාගත යුතුව ඇති බව ද ඇමතිවරයා කියයි.

ලන්ඩන් ෆිනන්සියල් ටයිම්ස් සමග සාකච්ඡාවක දී ඇමතිවරයා මේ තොරතුරු ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *