නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සම්මන්ත්‍රණයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ව්‍යර්ථ කෙරේ

කළු ජනවාරි සැමරුමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කොට ඊයේ (ජනවාරි 26) සවස පැවති ‘ඝාතනයට, අතුරුදන්කිරීමට, ප්‍රහාරයට හා තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු’ යන්න තේමා කර ගත්   සමරු වැඩසටහන කඩා කප්පල් කිරීමට  සංවිධානාත්මකව එල්ල කළ අන්තර් ජාල ප්‍රහාරයක් ව්‍යර්ථ කොට එම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට ඊයේ හැකියාව ලැබිණි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ මෙම වැඩසටහන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කලින් සැලසුම් කොට තිබූ අතර, එම පරිශ්‍රය තුළ කොවිඩ් අවදානමක් උද්ගත වීම නිසා එය Zoom ඔස්සේ මාර්ගගතව පැවැත්විණි.

සවස 5.15 ට පමණ වැඩසටහන ආරම්භ කොට සුළු වේලාවකට පසු, එයට මාර්ගගතව සම්බන්ධ වී සිටි සංවිධානාත්මක පිරිසක් වැඩසටහන එක් වරම ආක්‍රමණය කොට විවිධ ශබ්ද නිකුත් කරමින් හා ඔවුන් ආගමික අන්තවාදී පිරිසක් බව හැඟවෙන ආකාරයේ ආගමික පාඨ කියමින් දිගින් දිගටම ඊට බාධා එල්ල කළහ. පසුව එම ප්‍රහාරකයන්ගේ සබඳතා විසන්ධි කොට තත්ත්වය පාලනය කර ගැනීමට සංවිධායකයෝ සමත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *