31දා තෙක් විදුලිය කැපීමක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම

ජනවාරි 31 දා තෙක් විදුලි කප්පාදුවකට ඉඩ නොදෙන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව අද ප්‍රකාශ කළේ ය.

විදුලි ජනන හැකියාව තමන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවත් , හදිසි විදුලි කප්පාදුවක් මේ මොහොතේ අවශ්‍ය නොවන බවත් ,මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියයි.

ඉදිරයේ දී ගතයුතු පියවර 31 දා තීරණය කිරීමට නියමිත ය.

ලංවිම ඉංජිනේරු සංගමය ඉල්ලා සිටියේ පැය දෙකක විදුලි කැපීමකට අවසර දෙන ලෙසයි.

එම ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *