පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්

 

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා(25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත .

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ .

අජන්ත කුමාර අගලකඩ

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *