දේශපාලඥයන්ගේ කාබනික ගොවිතැන් මෝඩකමට වන්දි ගෙවීම මහජන මුදලින්

රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොට යෙදීමට ගොවීන්ට බල කිරීමෙන් සිදු වී ඇති වගා හානි සඳහා වන්දි ගෙවීමට  රුපියල් මිලියන හතලිස් දහසක් ( කෝටි 4000 ක් ) වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

එමෙන් ම වී කිලෝවක් සඳහා රුපියල් 75 ක සහතික මිලක් ද නියම කොට ඇත.

කෙසේ වෙතත්, පසුගිය දා ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රුපියල් 95 කට වී කිලෝවක් මිලට ගන්නා බව යි.

වී කිලෝවක් මේ වනවිටත් රුපියල් 90 ඉක්මවා මිල නියම වී ඇති අතර එය මාර්තු වන විට රුපියල් සියය ඉක්මවා යනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

වගා හානි සඳහා වන්දි ගෙවීමට පසුගිය අයවැයෙන් මුදල් වෙන් කොට නොතිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *