අගමැති මහින්දගේ ගිණුමකින් කෝටි හතරක් හොරකම් කරලා !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වී තිබේ.

එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ. ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින්වර මෙම මුදල ලබා ගෙන ඇති බවට එම තොරතුරු මගින් වාර්තා වී ඇති අතර කෝටි හතරක් තරම් මුදලක් මෙසේ වංචා කරන තෙක් එම ක්‍රියාව අවධානයට ලක් වී නැත.

බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව කියන අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියා, කලක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් කටයුතු කර ඇති අතර, අවස්ථා ගණනාවකදීම අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස ද සේවය කර ඇත.

මෙම වංචාව කර ඇති නිලධාරියා පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර කිහිපයක් මෙන්ම කතානායකවරයකු ලෙස කටයුතු කළ මේ වනවිට මියගොස් ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු බව කියති.

මෙම මූල්‍ය වංචාව හෙළි වීමෙන් පසු එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සදහා ඉදිරි පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *