ලයිට් කපන්නම හැදු විදුලි මාෆියාවට යලිත් පරාජයක් ; තෙල් නැව් නිදහස් කරගන්න මුදල් ලැබේ.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලනයට එරෙහිව දෙවන පරිපාලනයක් ලෙස බලය අතට ගෙන සිටින විදුලි ඉංජිනේරු සංගමය අද සිට විදුලිය කපන බව ප්‍රකාශ කොට , කාල සටහන් හදා ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූ බව වාර්තා වෙයි.

විදුලි බල මණ්ඩලයේ පරිපාලනයේ අනුදැනුමකින් තොරව විදුලි කැපීමේ කාල සටහන් සකසා මහජන උපයෝගිතා කොමිසන් සභාවට ඉදිරිපත් කොට අවසර ඉල්ලීමට තරම් විදුලි ඉන්ජිනේරු සංගමය බලවත් වී තිබේ. ආණ්ඩුවේ ඉහළ බලධාරියකු සමග ඇති සම්බන්ධතා පෙන්වමින් ඔවුන් මෙසේ ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුව තුළ පවතින බල අරගලයේ වාසිය ලබා ගනිමින් බව කියති.

අද සිට දිනකට පැය දෙක බැගින් විදුලිය කැපීමට ඔවුන් කටයුතු කොට තිබුන ද ,ජනාධිපතිතුමා ඇමතිවරුන් සහ ඉහළ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසු එම තත්ත්වය වෙනස් වී ඇති අතර, වරායේ නවතා ඇති තෙල් නැව් බා ගැනීමට ඩොලර් නිදහස් කිරීමට මහ බැංකුව එකඟ වී තිබේ.

එමෙන් ම ඉදිරි අවශ්‍යතා සඳහා ඍජු ව තෙල් මිල දී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇති අතර ඉන්දීය ණය ක්‍රමය යටතේ එය සිදුවනු ඇත.

මේ අතර විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපති සහ වැඩ බලන සාමාන්‍යාධිකාරී එම තනතුරුවලින් ඉවත් විය යුතු බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *