දයාන් ජයතිලකගෙන් ජනාධිපතිට දේශනයක් !

ඉදිරි සතියේ දී, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය විවේචයනය කරමින් ආචාර්ය දයාන් ජයතිලක, පැවැත්වීමට යන දේශනයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවීමට ජනාධිපතිවරයාට කළ ආරාධනය පිළිගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ ගේ විදේශ ප්‍රතිපත්තිය අගයකරන දයාන් ජයතිලක ලවා ජනාධිපතිවරයාට ටියුෂන් පංතියක් පැවැත්වීමේ සැළසුම පිටුපස ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂගේ ගෝලබාලයන් සිටින බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හරහා රටට ලැබෙන්නට නියමිත ප්‍රතිලාභ වලක්වා නොගතහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කිසි දිනක නැවත බලයට ඒමට නොහැකිවන වන හෙයින් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති හා අගමැති අතර අර්බුදයක් නිර්මාණය කිරීම ජයතිලකගේ දේශනයේ අරමුණ බව ද දැනගන්නට ඇත. ඇතැම් දේශපාලන විචාරකයින් පවසන්නේ දයාන් ජයතිලක වැනි අසාර්ථක මිනිසෙකුගේ ආරාධනය ජනාධිපතිවරයා භාරගැනීම නොකළ යුත්තක්ව තිබුණු බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *