ජනාධිපතිගේ කතා විවදයෙදීත්, රනිල්ට, අනුර කුමාරට, සුමන්තිරන්ට කැපිල්ලක් !

 

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව  කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, එම ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන්ගේ කාලය අඩුකොට එම කාලය සමගි ජන බලවේගයෙන් ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ.

තමන්ගේ කාලය අඩු කිරීම ගැන රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රශ්න කළේ ය.

සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා පැය දෙකහමාරක් වෙන් කිරීමට එකඟ වූ නමුත් පසුව කාලය අඩු කර ඇති බව ද වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳ කල්තැබීමේ විවාදයක් අවශ්‍ය බවට මුලින්ම යෝජනා කළේ තමා බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැය භාගයක් ලබා දීමට එකඟ වී තිබූ නමුත් පසුව එයද කපා හැර ඇති බව සඳහන් කළේය.

විපක්ෂයේ පළමු කතාව තමාට දීමට එකඟ වී තිබූ නමුත් වෙනත් මන්ත්‍රීවරයෙකුට එය ලබාදී  තිබුණු බව කී රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රශ්නයක් නොවන අතර පසුව කතා කිරීමට තමාට හැකියාව තිබෙන බවද කීය.

කල්තැබීමේ විවාදයේ කතා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාට විනාඩි 15ක් පමණක් ලබාදී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාට පොරොන්දු වූ විනාඩි 20 ලබාදී නොමැති බවත් තමන්ට දැනගන්නට ලැබුණු  බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කොට තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *