‘‘මීපුර’’කර්තෘට කළ ප‍්‍රහාරය ගැන වහා පරීක්‍ෂණ කළ යුතුය! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

‘‘මීපුර’’ ප‍්‍රාදේශීය පුවත්පතේ සහ වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඞී ගමගේ මහතාට එල්ල වූ මැර ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වහා පරීක්‍ෂණ කොට මැරයන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. 2016 ජූනි මස 2 වැනි දින, මීගමුව නගර සභාවේ මහා සභා රැුස්වීම ආවරණය කොට ආපසු යෑමට සූදානම්ව තම වාහනය අසලට යමින් සිටි ප්‍රෙඞී ගමගේ මහතා මෙම ප‍්‍රහාරයට ලක්වී ඇත. මුහුණු ආවරණය වූ හෙල්මට් පැළඳ යතුරු පැදියක් අසල සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගැන සැක සිතී ඔවුන් දෙස ආපසු හැරී බලන විට එක් පුද්ගලයකු අත ඇති පොල්ලකින් ගමගේ මහතාගේ හිසට පහර දී ඇත. දිව ගොස් ප‍්‍රහාරකයන්ගෙන් බේරී ඇති ඔහු, සිදුවීම සම්බන්ධයෙන් මීගමුව පොලීසියේ පැමිණිල්ලක් ද ගොනු කර ඇත.
මාධ්‍යවේදියකු සහ සමාජ කි‍්‍රයාකාරිකයකු වන ගමගේ මහතාට කළ මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් කොට, නිසි නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන එවැනි සිදුවීම් නැවත ඇති නොවීමට වග බලා ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යළි යළිත් රජයෙන් ඉල්ලා සිටී.

සීතා රංජනී -කැඳවුම්කරු -2016. 06. 02                    සී. දොඩාවත්ත – ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *