නැගෙනහිර මහ ඇමතිට නාවික කදවුරෙන් දිවා ආහාරය

සාම්පුර් මහා විදුහලේ උත්සවයකදී නාවික හමුදා නිලධාරියකුට බැන වැදීම නිසා විරෝධයට ලක්ව සිටි නැගෙනහිර මහ ඇමති නෂීර් අහමඩ් මහතා තිකුණාමල නාවික හමුදා කදවුරේදී දිවා ආහාරය ලබාගත්තේය . දැන් දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු කර්මාන්ත හා වෙළෙඳ ඇමති එස් ඊස්වරන් මහතා හා මලික් සමරවික්‍රම මහතා සමග මහ ඇමතිවරයාගේ හමුවීම එහිදී සිදුවිය . ඔහුට නාවික හමුදා කදවුරේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවද වාර්තාවෙයි . නැගෙනහිර පළාතේ සියලු හමුදා කදවුරුවලට ඇතුළුවීම මහ ඇමතිවරයාට තහනම් කොට තිබු අතර පසුව එම තහනම ඉවත් කරගනු ලැබීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *