මහ බැංකුව බැඳුම්කර ගෙවයි ! හාල් ගන්න මුදල් නොදෙයි !!
බැඳුම්කරය ගෙවීමට ඩොලර් මිලියන 500 ක් මහ බැංකුව අද සවස නිදහස් කළ බව වාර්තා වෙයි.
ඒ සඳහා අවශ්‍ය මුදල් අදාළ අංශ වෙත මුදාහල බව මහ බැංකුව නිවේදනය කර ඇත.
එම මුදල් ලැබෙන්නේ කාටදැයි හෙළිදරව් කොට නැත.
ඒ අතර මුදා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම නිසා මුදාගත නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1,700 ක් මේ වනවිට වාරයේ හිර වී ඇත. එයින් කන්ටේනර් 500 ක් ඇත්තේ සහල් බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. එම සහල් මුදා ගැනීමට ද මුදල් නිකුත් කොට නැත.
සහල් , කිරිපිටි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ රාශියක් වෙළෙඳපොලේ හිග වී ඇත්තේ මුදා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම සහ ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙනි.