මහ බැංකුව ජනතාව හාමතේ තියා බැඳුම්කර ගෙවන්නේ පවුලේ ඥාතීන්ට – ශ්‍රීලනිප ජෙෂ්ට උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස

ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර  ගෙන්වීමට පවා මුදල් වෙන් නොකර විද්වතුන් එපා කියද්දී ආණ්ඩුව ඩොලර් මිලියන 500 ක් බැඳුම්කර ගෙවන්නේ තම පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ට උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි.

ලෝකයෙන් ගත ණයක් ගෙවන බව පෙන්වුවද මෙම බැඳුම්කරවල මුදල් ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ කබ්රාල් පවුලේ ඥාතීන් සහ හිතවතුන් බව ඒ මහතා පවසයි.

පියදාස මහතා කියන්නේ ණය ගෙවීමට කල් ගන්නා  ලෙස ලෝකයම  කියද්දී මෙම මුදල් ගෙවන්නේ තම ඥාතීන්ට විශාල ලාභයකත්කර දීමට බවයි.

ශ්‍රීලනිප සංවර්ධන වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *