‘නාටක පෙන්වා ආරක්ෂක අංශ හෑල්ලු කරන්න එපා‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන


 

අනේකවිද අර්බුදවලින් පීඩාවට පත්ව සිටින  ජනතාවට තව දුරටත් නාටක නොපෙන්වා බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සිද්ධියේ විමර්ශන වල සත්‍ය ප්‍රගතිය රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නීතිය හා සාමය අමාත්‍යවරයාගේ නාටක සෙල්ලම් නිසා රටෙි ආරක්ෂක අංශ හෑල්ලුවට ලක්වන බව කී විජයවර්ධන මහතා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආගමික සහජිවනය නැති කිරීමට උත්සාහ කරන මහ මොළකරුවන් කවුරුන් දැයි කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ කළේය.

බියගම පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකට  එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා කීවෙි ජනතාව බුද්ධිමත් නිසා දැන් ආණ්ඩුව පෙන්වන නාටක බලා ජනතාව  කලබල නොවන නමුත් ජනතාවට ඇත්ත කීමට ආණ්ඩුවට යුතුකමක් පවතින බවයි.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *