ඩොලරයේ කළු කඩ මිල රුපියල් 260 ඉක්මවයි

ඩොලර් සඳහා මහ බැංකුව රුපියල් 203 ක් පලන මිලක් නියම කොට ඇතත්, මේ වනවිට කොළඹ ව්‍යාපාරිකයින් ඩොලර් මිල දී ගණන කළු කඩ මිල ඩොලරයක් රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එම මිලට ද ඩොලර්  සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත්, විවිධ ක්‍රම මගින් ඩොලර් උපයන සමාගම් සොයා යමින් ආනයන කරුවන් ඩොලර් මිල දී ගන්නා  බවත් තතු දත් ආරංචි මාර්ග කියයි.

එලෙස ඩොලර් මිල දී ගැනීමට ඇතැම් බැංකු ආනයනකරුවන්ට තොරතුරු සැපයීමෙන් සහය වන බව ද කියති. ඇතැම් විට ඩොලර් හුවමාරුව බැංකු මගින් ම සිදුකර දෙන අතර වැඩිපුර මුදල් ගෙවීම පමණක් බැංකුවලින් පිටත දී සිදු කරන බව ද කියති.

කර්මාන්තකරුවන්ට අත්‍යවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය සහ උපකරණ ආදිය ගෙන්වා ගැනීම සඳහා ඔවුන් මෙලෙස විශාල වෙහෙසක් දරමින් ඩොලර් සොයන බව අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *