ආර්ථිකය හොඳ අතට හැරිලා ! තවත් හොඳ වෙනවා !! – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් හොඳ අතට හැරී ඇති බවත්, එය තවත් හොඳ වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ප්‍රකාශ කළේ ආර්ථිකය මේ වනවිට යහපත් වෙමින් පවතින බවයි.

මහ නා හිමිවරුන් බැහැ බකීමෙන් පසු අද මහනුවර දී මාධ්‍ය අමතා ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත්, ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නොමැති නිසා විදුලි සැපයීම වරින් වර බිඳ වැටෙන අතර ඉදිරි දින කිහිපයේ විදුලි කපදුවක් සිදු කිරීමට සිදුවන බව වාර්තා වී ය. ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රශ්නයක් නිසා නොරච්චෝලේ බලාගාරයේ විදුලි නිෂ්පාදනය ද බිඳ වැටෙන තත්ත්වයක් වාර්තා වී ඇත.

බොරතෙල් ලබාගත නොහැකි නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබේ.

කිරිපිටි සොයාගැනීමට නැති තත්ත්වයට පත්ව ඇති අතර සිමෙන්ති, යකඩ ආදිය නොමැතිවීමෙන් ඉදිකිරීම් කර්මාන්තයට බරපතළ අර්බුදයක් ඇති වී තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1700 ක් වරායේ සිර වී ඇත්තේ මුදා ගැනීම සඳහා ඩොලර් නොමැති නිසා ය. ඒ අතරින්  500 ක් පමණ සහල් අඩංගු කන්ටේනර් බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

මහ බැංකු අධිපති කබ්රාල් මහතා අද මහනුවර දී ප්‍රකාශ කළේ ආර්ථිකයේ තත්ත්වය දැන් යහොපත් අතට හැරී ඇති බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *