අද කොවිඩ් වාර්තා : මරණ 7 යි , නව ආසාදිතයින් 661 යි

රජය අද දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 7 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස 661 ක් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 595,657 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *