“ලෙඩුන්ට දිය යුතු බෙහෙත් රෝහල්වල නැහැ” – වෛද්‍යවරුන්ගෙන් හෙදියන්ගෙන් මැසිවිලි

රෝහල්වල ඖෂධ හිගයක් දැනට නැතැයි රජය ප්‍රකාශ කළ ද , රෝගීන්ට ලබාදිය යුතු ඇතැම් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග තමන්ට ලබාගත නොහැකි තත්ත්වයක් පවතින බවත්, එබැවින් ඒවාට ආදේශක ලබා දීමට සිදු වී ඇති බවත් , ප්‍රධාන රජයේ රෝහල්වල වෛද්‍ය සහ හෙදි කාර්ය මණ්ඩල මැසිවිලි නගමින් සිටින බව වාර්තා වෙයි.

ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් නියම කරන ඖෂධ ලබාගත නොහැකි වීම නිසා ඒවා වෙනස් කර වෙනත් ආදේශක ලබා දීමට සිදු වී ඇති බව කියති.

අවශ්‍ය ඖෂධ නොමැති නිසා තිබෙන ඖෂධ් නිර්දේශ කිරීමට තමන්ට සිදු වී ඇති බව වෛද්‍ය වරු කියති. ඇතැම් ඖෂධ වර්ග බෙදා හැරීමේ දුර්වලතා ගැන ද ඔවුහු මැසිවිලි නගති.

මෙම තත්ත්වය වඩා බරපතළ ව වාර්තා වන්නේ වඩා සංකීර්ණ රෝග සඳහා ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහල් වලිනි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ ඉදිරි කාලය සඳහා ඖෂධ ඇනවුම් කිරීම ද විශාල ලෙස ප්‍රමාද වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *