ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්වෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට ස්ථිර වශයෙන් තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

මෙම තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන අංශ කියයි.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ දී ශ්‍රී ලනිපය විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට ඇති අතර ඊට පෙර එම පක්ෂයේ මැති ඇමතිවරුන් තනතුරුවලින් ඉවත් වනු ඇති කියති.

ආණ්ඩුව දිනෙන් දින අප්‍රසාදයට පත්වන බවත්, තවදුරටත් ආණ්ඩුවේ සිටියහොත් තමන්ගේ දේශපාලන අනාගතය ද අඳුරු වන බවත්, ශ්‍රීලනිපයේ බහුතරයේ අදහස වී තිබේ.

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට පත්වන බව ශ්‍රීලනිප ජෙෂ්ට උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *