වැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්,එමිල් පෝරකයට

 

 

වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ  හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබා දෙන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

මේ රටේ මහතා කළබගෑනියකට තුඩුදුන්  මෙම සිද්ධියක් බව පවසමින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලිමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලදි.

එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුන් වන ගිහාන් කුලතුංග, (සභාපති) මංජුල තිලකරත්න, සහ ප්‍රදීප් හෙට්ටආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රනාශයට පත් කළේය.

මනෝප්‍රිය ගුණසේකර

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *