චීන පොහොර ටොන් 80,000 ක් ගෙන්වන බව කොමර්ෂල් පොහොර සමාගම කියයි

චීනයෙන් පොහොර මෙට්‍රික්ටොන් 80,000 ක් මාර්තු සහ අප්‍රේල් මාස වන විට ආනයනය කරන බවත් එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොදා ගැනීමටත් බලාපොරොත්තු වන බවත් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට ඇත.

ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවෙන් පොහොර නැවත නොගන්නා බව කී සභාපතිවරයා එම චීන සමාගමෙන් ලැබෙන අලුත් පොහොර ද තත්ත්ව පරීක්ෂාවෙන් පසුව පමණක් ලබාගන්නා බව ද පවසා තිබේ.

චීනෙන් ආනයනය කරන පොහොරවල නයිට්‍රජන් සංයුතිය වැඩි බවත් සභාපතිවරයා වැඩි දුරටත් කියයි.

චීනයේ ඒවා තිබු පොහොර ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයක් බවත්, ඒ ගැන පරීක්ෂණයක් කළ යුතු බවත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කොට තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *