ජනාධිපතිගේ කතාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනවාරි 18 දා ජනාධිපතිවරයා කරන කතාව සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කොට තිබේ.

ඒ අනුව ජනවාරි 19 සහ 20 දින ඒ සඳහා වෙන්කර තිබේ.

ජානාධිපතිවරයාගේ කතාව පිළිබඳව මෙලෙස විවාදයක් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් පසුගිය දා ඉල්ලා සිටි අතර පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එම ඉල්ලීම කළේ ය.

දින තුනක විවාදයක් අවශ්‍ය බව අද පැවති පක්ෂ නායක සාකච්ඡාවේ දී විපක්ෂය ඉල්ලා ඇති නමුත් විවාදය දින දෙකකට සීමා කිරීමට තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *