චීන පොහොර ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයක් ; පරීක්ෂණයක් කළ යුතුයි – කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ

රජය චීනයෙන් ඇනවුම් කළේ රටට හිතකර පොහොර බවත්, එය මෙරටින් ප්‍රතික්ෂේප කිරීම විශාල ප්‍රශ්නයක් බවත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්ෂේප කළ පොහොර සිංගප්පුරුවේ පරීක්ෂණයෙන් සමත්වී ඇති බවත්, මෙය විශාල ප්‍රශ්නයක් බවත්, කී ඇමතිවරයා ඒ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බව ද කී ය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ දී ඊයේ පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවක් නැවත එනවා දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ රජය චීනයෙන් ඇනවුම් කළේ රටට, පොළවට අහිතකර නොමැති හිතකර පොහොරක් බවත්, එම පොහොර ගුණාත්මයෙන් තොර ඒවා බව මෙරටදීත්, තත්වය හොඳ ඒවා බව සිංගප්පූරුවේදීත් හඳුනාගැනීම විශාල ප්‍රශ්නයක් බවත්ය. ඒ ගැන පරීක්‍ෂණයක් කරන බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එම පොහොර නැව ආපසු හරවා යැවූ නමුත්,ගනුදෙනුවේදී එකඟ වූ පරිදි ගුණාත්මක පොහොර ලබාදෙන ලෙස යළි නිර්දේශ කර ඇති බවත්, ඒ අනුව ගුණාත්මක පොහොර නැවත ලැබුණොත් භාරගැනීමට සූදානම් බවත්, ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්‍ෂේප වූ පොහොර භාවිතයට සුදුසු බව සිංගප්පූරුවේදී ඔප්පුවීම තුළ යම් වරදක් වී ඇතැයි පෙනෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *