පළාත් පාලන ඡන්දය වසරකින් කල් දමයි

පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම වසරකින් කල් දැමීමට රජය කටයුතු කොට ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා සියල්ලෙහි නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කොට තිබේ.

එයට අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කොට තිබේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස අවසන් වීමට නියමිතව තිබු අතර ඒ අනුව අලුතින් මැතිවරණ පැවැත්විය යුතුව තිබිණි.

එම මැතිවරණ පැවැත්වීම ලබන වසරේ මාර්තු දක්වා කල් දැමීම මෙමගින් සිදු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *