ශ්‍රීලනිප සමග තව පිරිසක් ගියත් බහුතරය රැක ගත හැකියි – බැසිල්ගෙන් ජනාධිපතිට සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් සමග ආණ්ඩුවේ සුළුතර පක්ෂ සහ තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවත්, පාර්ලිමේන්තුවේ බහුතරය රැක ගත හැකිවනු ඇති බවත්, ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි වනු ඇති බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට සහතිකයක් ලබා දී ඇතැයි ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

හෙට අනිද්දා සිදුවන කැබිනට් සංශෝධනය ගැන පැවති සාකච්ඡාවක දී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ, ඉවත්වන පිරිස වෙනුවට විපක්ෂයේ පිරිසක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ද ඇති බව යි.

තව දුරටත් පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිප පක්ෂ දෙකට එක්ව ගමනක් නැති තරමට දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වී ඇති අතර ශ්‍රීලනිප ඇමතිවරුන් ඉවත් කළ යුතු බවට ආණ්ඩුවේ ඉහළ නායකත්වයේ එකඟත්වයක් ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්, වෙනත් ආරංචි මාර්ග කියන්නේ මේ සියලු දේ සිදුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියක් නොමැතිව බවයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ සැලසුමක් ද මේ සමග ක්‍රියාත්මක වන බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *