හූවෙන් ලැබුණු සහන මල්ලේ හූ කියන්න බැරි හෙළුව – ජයවීර සෙනෙවිරත්න

ජනතාව දැන් කියන්නේ මොනවා හෝ සහනයක් ලැබෙන්නටත් හූවක් හෝ කීම අවශ්‍ය බව යි. ඒකත් ලපයි සිපයි ට හූ කියා හරියන්නේ නැත. මැති ඇමතිවරුන්ට හූ කීම ද ප්‍රමාණවත් නැත. රජ පවුලේ උදවියට ම හූ කීම අවශ්‍ය ය. මැති ඇමතිවරුන්ට නොව ප්‍රධාන බලවතුන්ට ම හූ කීම අවශ්‍ය ය. සොච්චමක හෝ සහනයක් ලැබෙන්නේ එවිට ය.

එසේ වුව ද, සහන මල්ලක් කියා දී තිබෙන්නේ ද සොච්චමකි. පසුගිය කාලයේ රජය ජනතාව මත පටවා ඇති බර අනුව මේ සහනය වාෂ්ප වන බව හොඳින් ම පැහැදිලි ය.

රුපියල් 80 ට තිබු සහල් කිලෝව දැන් 160 ක් ඉක්මවා ගොසිනි . 135 ට තිබු පරිප්පු කිලෝව 280 කි. 100 ට තිබු එළවලු කිලෝව 400 කි. අනෙක් බඩු මිල ද මේ ආකාරයට ම ඉහළ ගොසිනි.

උද්ධමනය වෙන්නේ නැති බව කියමින් ආණ්ඩුව දිගට ම මුදල් නෝට්ටු මුද්‍රණය කරයි. උද්ධමනය නැතැයි කීවාට බඩු මිල ඉහළ යයි. ඩොලරයේ වටිනාකම ද වැඩිවෙයි. වැඩි වූ වටිනාකම ආණ්ඩුව ඩොලරයට නොගෙවා සිටියි. එවිට කිසිවකු ඩොලර් ගේන්නේ නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්නට බැරි වෙයි. ගෙනෙන භාණ්ඩ වරායේ හිර වෙයි. බඩු මිල තව වැඩි වෙයි. මෙය විෂම චක්‍රයකි.

ආණ්ඩුව කරන මෝඩකම් නිසා වැඩිවන බඩු මිලේ ප්‍රමාණයට සහන දෙන්නට ආණ්ඩුවට මේ කපේ දීවත් බැරි ය. කරන්නේ වැල් මෝඩකම් ය. එකකින් පසු එකක් වශයෙනි. සහන මල්ල ද එයට දෙවැනි නැත. මුදල් අච්චු ගසා  බෙදු විට එහි ප්‍රතිඵලය තවත් බඩු මිල වැඩි වීම ය. ආණ්ඩුව එය නොදන්නවා නොවේ. අවශ්‍ය වන්නේ මේ මොහොතේ රැවටීම ය. ඊට වැඩි දෙයක් කරන්නට ආණ්ඩුව දන්නේ ද නැත.

රජයේ සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට මාසයකට රුපියල් 5000 ක් දී තිබේ. එය ප්‍රමාණවත් නැතත් කිසිවක් නැතිවාට වඩා හොඳ ය. ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව මුදල් නෝට්ටු මුද්‍රණය කළ විට මෙම සහනය ද වාෂ්ප වීම යි.

වතු කම්කරුවන්ට රජයේ සේවකයන්ට දෙන සැලකිල්ලෙන් පහෙන් එකක් වත් නැත. ඔවුන්ට දෙන්නේ මාසයකට  පිටි  කිලෝ 15 කි.ඒ පිටි කිලෝවක් රුපියල් 80 ක මිලට ය.  පිටි මිල අනුව කිලෝවකට සහනය රුපියල් 50 ක් ලෙස ගණන් බැලුව ද මාසයටම සහනය රුපියල් 750 කි. වතු කම්කරුවන්ට කළ සැලකීම ගැන තවත් කියන්නට දෙයක් නැත.

ආණ්ඩුවේ මෝඩ පොහොර ප්‍රතිපත්තියෙන් යන එන මං නැතිවී සිටින ගොවි ජනයාට සහන මල්ලෙන් ලැබෙන කෙන්ගෙඩියක් නැත.

සහන මල්ලෙන් කියන්නේ ගොවීන්ට වී කිලෝවකට රුපියල් 75 ක් ගෙවන බවයි. ආණ්ඩුවේ පොහොර මෝඩකම නිසා ගොවිතැන විනාශ වී මේ වනවිට වී කිලෝවක මිල රුපියල් 90 ඉක්මවා ගොසිනි. එය තවත් නවතින පාටක් නැත. ආණ්ඩුව කියන්නේ මේ මිල අඩුකරන බවකි. එය නම් අපුරු සහනයකි . මෙවැනි මෝඩ කතා ගැන හූ කියන්නටත් බැරිය. අඬන්නටත් බැරි ය.

එළවළු ගොවීන්ට කිසිදු විසඳුමක් නැත. එළවළු හිගයට ගෙවතු වගා  කළාට ගොවියා වැටුණු අමාරුවෙන් ගොඩ යන්නේ නැත.

ආණ්ඩුවේ ගෙවතු වගා කතාව දැන් මිනිසුන්ට අහලා එපා වෙලා ය. හරියට මිනිස්සු ගෙවතු නිකම් තියාගෙන ඉන්නවා වගේ ය. දිවි නැගුම හා වෙනත් නොයෙක් නම් කියමින් වරින් වර මොනවා හෝ කරයි. වරෙක කළේ ධාන්‍ය  ඇට බෙදීම ය. මිනිස්සු ඇට නැති නිසා ගෙවතු වගා නොකර ඉන්නවා කියා හිතාගෙන ය. මිනිසුන්ට තවත් සොච්චම් මුදලක් බෙදා දීම ඇර වෙන නම් සිදුවන දෙයක් නැත.

මේ වෙන දේ සහ වෙන්න යන දේ ජනතාවට දැන් හොඳට ම තේරිලා ය. ප්‍රශ්නයකට තිබෙන්නේ කරන්නට දෙයක් දැන් හිතාගත නොහැකි වීම ය. මොවුන් ආපසු ගමට එන තෙක් මිනිසුන්ට බලා සිටින්නට සිදු වී තිබේ.

මේ වෙන දේ සහ වෙන්න යන දේ ජනතාවට දැන් හොඳට ම තේරිලා ය. ප්‍රශ්නයකට තිබෙන්නේ කරන්නට දෙයක් දැන් හිතාගත නොහැකි වීම ය. මොවුන් ආපසු ගමට එන තෙක් මිනිසුන්ට බලා සිටින්නට සිදු වී තිබේ.

හූ කියනවාට වැඩි දෙයක් කරන්නට ජනතාවට අවශ්‍ය වී ඇති බවට සැකයක් නැත. එසේ වුව ද, එයට කල් යල් එළඹෙන තුරු ඉවසා  සිටින්නට සිදුව තිබේ.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *