රනිල් – ආණ්ඩු හවුල 20 සංශෝධනයේ හිරවෙයි ? රහස් දන්නේ වජිර විතරලු !

මෙම අර්බුදකාරී අවස්ථාවේ ආණ්ඩුවට තම සහය දීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා  ඉල්ලා ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළු කොන්දේසි නිසා එම උත්සාහය ප්‍රමාද වී ඇතත්, තවමත් සාකච්ඡා සිදුවන බව තතුදත් ආරංචි මාර්ග කියයි.

අර්බුදයෙන් ගොඩයාම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ආණ්ඩුවට සහය දිය හැකි නමුත් ජනාධිපති සතු බලයෙන් කොටසක් පාර්ලිමේන්තුවට පැවරීම ඇතුළු කොන්දේසි ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට ඇති බව කියති. කෙසේ වෙතත්, එම කොන්දේසි පිලිබඳ ආණ්ඩුවේ ප්‍රතිචාරය ගැන තොරතුරු දැනගන්නට නැත. එමෙන් ම, එම උත්සාහය අසාර්ථක වී නැති බව ද තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාට කිට්ටු සන්බන්ධයක් ඇති එජාප හිටපු ඇමතිවරයකු උපුටා දක්වමින් සති අන්ත ‘අනිද්දා’ පුවත්පත වාර්තා කොට තිබුණේ මේ මොහොතේ රට බේරා ගැනීමට ආණ්ඩුවට සහය දිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා තම හිතවතුන් සමග ප්‍රකශ කරන බවයි.

ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදුවන සාකච්ඡා පිළිබඳව සත්‍ය කරුණු දන්නේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පමණක් බව ද තම ප්‍රවෘත්ති මුලාශ්‍රය උපුටා දක්වමින් ‘අනිද්දා’ පුවත්පත වාර්තා කොට ඇත.

කෙසේ වෙතත්, එජාපයට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියන්නේ පක්ෂයේ වෙනත් නායකයින් ද තොරතුරු දන්නා බව ඔවුන් කරන කියන දෙයින් හෙළිවන නමුත් කිසිවකු එම තොරතුරු හෙළි නොකරන බව පෙනෙන්නට තිබෙන බවයි.

මේ පිළිබඳව තොරතුරු දන්නා බව කියන එජාප නායකයකුගෙන් අප කළ විමසුමක දී නිශ්චිතව කිසිවක් නොකියා කීවේ ” කුණු ගොඩකට කර ගහනකොට නිකම් ම කර ගහන්න බැහැ ” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *