ආණ්ඩුවෙන් එලියට බහින්න ශ්‍රීලනිප සුදානමින්

හෙට, අනිද්දා සිදු කිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමන්ගේ ඇමති ධුර ඉවත් කරනු ඇතැයි විශ්වාස කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදනමින් සිටින බව වාර්තා වෙයි.

ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව කල් තිය ම තීරණය කොට ඇතැයි කියන එම පක්ෂය පසුගිය දිනවල රජය විවේචනය කළේ ද ඇමති ධුර රැක ගැනීමේ අරමුණ අතහැර බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුවේ කාබනික ප්‍රතිපත්තිය මගින් ගොවියාට සහ කෘෂිකර්මයට අත්කර දී ඇති විනාශය පිලිබඳවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳවත් ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල දරුණු විවේචනයක් යෙදුණි.

ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශාල ලෙස අප්‍රසාදයට ලක්ව සිටින මෙම අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පැරණි ශ්‍රිලනි පාක්ෂිකයින් යළි දිනාගෙන ශක්තිමත් වීමට තමන්ට හැකිවන බව ශ්‍රීලනිප නායකත්වයේ වැඩි දෙනකුගේ මතය වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *