මහ බැංකුව රත්රන් සංචිත හොරෙන් විකුණලා !

ශ්‍රී ලංකා මහ බැංකුව ආරක්‍ෂිත තැන්පතුවක් ලෙස පවත්වාගෙන ගිය එහි රත්රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බව හෙළිදරව් වෙයි.

ඩොලර් මිලියන 206.8 ක් වටිනා රත්රන් සංචිත 2021 දෙසැම්බර් මාසය තුළ විකුණා තිබේ

මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මහ බැංකුව ප්‍රකාශයට පත්කොට නැත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එම රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් ඇති බවයි.

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව තිබු  අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා අඩු වී ඇත.

මහ බැංකුව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයකින් තොරව තම රත්රන් සංචිත විකුණා ඇති බව මෙම දත්ත මගින් තහවුරු වෙයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළේ මහ බැංකුවට ඩොලර් ලැබෙන මාර්ග හෙළි කළ නොහැකි බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *