ඉදිරි යල් කන්නයේ කාබනික ගොවිතැනට ගොවීන් යොමු කරන්න හමුදාව යොදා ගන්නවා – ජනාධිපති ගොටාභය රාජපක්ෂ

ඉදිර යල කන්නයේ කාබනික ගොවිතැනට ගොවීන් යොමු කිරීම සඳහා යුද හමුදාව යොදා ගන්නා බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

අද සියබලනණ්ඩුවේ දී සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු ගැමියන් පිරිසක් හමු වූ අවස්ථාවක ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට ඇත.

කාබනික පොහොර යෙදුවිට අස්වැන්න අඩුවීමට හේතුවක් නැති බවත්, කලින් අස්වැන්න ම ලැබිය යුතු බවත්, ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කොට තිබේ.

ගොවීන්ට කාබනික පොහොර යෙදීම ගැන හරි අවබෝධයක් දී නොතිබීම අවුලට හේතු වූ බව කී ජනාධිපතිතුමා හැම දේටම හමුදාව යෙදීමට සිදු වී ඇතැයි ද පැවසීය.

ලබන යල් කන්නයේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට හමුදාව යොදවන බව ජනාධිපති තුමා මෙහි දී ප්‍රකාශ කොට තිබේ.

සඟවා ඇති වී සෙවීම, සහල් මිල පාලනය ඇතුළු බොහෝ කරුණු සඳහා ජනාධිපතිතුමා මීට පෙර ද හමුදාව යොදා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *