අත්අඩංගුවට ගතයුතු අලි හොරු තව ඉන්නවා ;ඔවුන් ළග තවමත් අලි ඉන්නවා ; නීතිපතිවරයා නඩුව ඉදිරියට ගෙන නොගියහොත් අපි නඩු පවරනවා – ශ‍්‍රී ලංකා සොභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම්

thilak kariyawasamසාම්පූර් ගල්අගුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම්  දිගටම කෙරීගෙන යනවද? ඒ පිළිබඳ පරිසර සංවිධානවල ස්ථාවරය කුමක්ද?

මේ පිළිබඳව නඩුවකුත් පවරල තියෙනව. මේ පිළිබඳව රජය ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරනව. යෝජිත ගල් අ`ගුරු බලාගාරය වෙනුවට එන්.එල්.ජී. කියන ස්වභාවික ද්‍රව ගෑස් පාවිච්චි කරල එල්.එන්.ජී. බලාගාරයක් ඉදිකරන්න පුලූවන්ද කියල. එය පරිසරයට හානිදායක නොවන කටයුත්තක්. එහෙම දේකට රජයට යන්න පුළුවන්නම් අපි ඒක අනුමත කරනව. ගල්අගුරුත් එක්ක බැලූවොත් පරිසරයට ඒකෙ බලපෑම ඉතාම අඩුයි. එවැනි විකල්ප මාර්ගවලට යායුතුයි කියලයි අපි යෝජනා කරන්නෙ.

මේ වන විට ඇති විදුලි ඉල්ලූම සපුරා ගැනීමට නොහැකි තරම් සැපයුම අඩුවෙමින් තියෙනව. මේකට විසඳුමක් හැටියට පුද්ගලික ජලවිදුලි බලාගාර ඉදිකිරීම උචිතයි කියල යෝජනා වෙලා තියෙනව. පුද්ගලික බලාගාර ඉදිකරන්නන් කියන්නෙ ඔවුන්ට පරිසරවේදීගෙන් බලපෑම් එල්ල වෙන නිසා එම කටයුත්ත නිසියාකාරව කරන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනව කියලයි. ඔවුන් පරිසරයට හොඳක් මිසක් හානියක් නොකරන බවත්, රැුකියා අවස්ථා බිහිවෙන බවටත් තර්කයක් ඉදිරිපත් කරනව.

ඔවුන් එහෙම කියනව. පෞද්ගලික අංශයට අවශ්‍ය මුදල් මිසක් පරිසරය නෙමෙයි.  පරිසරය රැුකගන්න ගමන්, රැුකියා අවස්ථා ඇති කරල,  ජාතික පද්ධතියට විදුලි බලය එක්කරනවට අපේ විරුද්ධත්වයක් නෑ.

කෘතිම පොහොර හා කෘමි නාසක භාවිතයෙන් තොරව, කාබනික පොහොර පමණක් යොදාගෙන වී ඇතුළු භෝග වගාකිරීමට ගෙනයන ව්‍යාපාරය කරන්න පුළුවන් දෙයක්ද? එය  පොහොර ඉල්ලූම සැපයීමට නොහැකිව ගෙනෙන ප‍්‍රශ්නය මග ඇරීමේ ඵල රහිත ව්‍යාපෘතියක්ද?

නෑ. ඒක කරන්න පුලූවන් දෙයක්. ලෝකෙ හැමතැනම කරන දෙයක්. මේ වන විට යුරෝපය තමන්ගේ රටවල්වලට ආනයන කරන කෘෂි ද්‍රව්‍ය 60% ක් කෘෂිරසායනික ද්‍රව්‍ය වලින් තොරවිය යුතුයි කියල තීරණය කරල තියෙනව. ඇමරිකාවත් ඒ ස්ථාවරයේ ඉන්නව. ජපානය තමන් ආනයනය කරන කෘෂි නිෂ්පාදන වල කෘෂිරසායනික භාවිතය ඉතාම අඩු මට්ටමක තිබිය යුතුයි කියල දැන් තීරණය කරල තියෙනව. කෘෂි ආර්ථිකයක් එක්ක ඉදිරියට යන්න හදන අපි තීරණය කරන්න  ඕනැ අපි ගත යුතු කෘෂිකාර්මික පිළිවෙත මොකක්ද කියල. ලෝකෙ අනිත් රටවල් මේව ප‍්‍රතික්‍ෂේප කරන කොට ඇයි අපි තවදුරටත් ඒ පස්සෙ යන්නෙ? අනිත් එක පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද පරීක්‍ෂණවලදි පැහැදිලිව ඔප්පුවෙලා තියෙනව කෘෂි රසායනික ද්‍රව්‍ය හා පොහොර භාවිතය නිසා පිළිකා ජනනය වෙන්න තියෙන අවස්ථාව වැඩියි කියල.

සෞඛ්‍ය බලධාරීන් එළියට ඇවිල්ල කියනව නම්, මෙවැනි රෝගවලට වියදම් කරන මුදල් ප‍්‍රමාණය කොච්චරද කියල, අපිට කෘෂිරසායන භාවිතයෙන් තොර කෘෂිකර්මයකට යෑමේ අගය වටහා ගන්න පුළුවන්.  අපි කෘෂිකර්මයට යොදවන මුදල් හා සමානවම අනිත් අතින් සෞඛ්‍යට යොදවනව. එන්න එන්නම ග‍්‍රාමීය ලෙඩ රෝග ප‍්‍රමාණය වැඩිවෙනව. මේ නිසාම අපේ ගොවිජනතාව ඵලදායිතාවක් නැති පිරිසක් බවට පත්වෙනව. ලෝකෙ හැමතැනකම කාබනික ගොවිතැනට තියෙන ඉඩකඩ වැඩිවෙනව. අපේ රටේ තියෙන පරිසර තත්ත්වයන් එක්ක එවැනි වගාවකට යන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි ජෛව විවිධත්වයෙන් අනූන රටක්.

සියයට සීයක් (100%ක්* කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කරන ආසියාවේ පළමු රට හැටියට,  භූතානය  පත්වුනා. අපිත් එවැනි තීරණ අරගෙන එවැනි තත්ත්වයකට පත්විය යුතුයි.

පසුගිය රජය සමයේ සිදුවූ හොරකම් අතර, මුදල්, රන්, රිදී, ඉඩම් වැනි අප‍්‍රාණික දේපොල විතරක් නෙමේ පණ ඇති සතුන් ද සොරකම් කළ බව කියැවෙනව. එයින් අලි හොරකම මුල් ගැනක් ගන්නව. පසුගිය දා දුන් උසාවි නියෝගයකින් කියැවුනා නඩු භාණ්ඩ වශයෙන් දැනට උසාවිය බාරේ සිටින අලි ආපසු චූදිතයන්ටම බාර දෙන්න කියල. පසුව එය ඉහළ උසාවියෙන් වෙනස් කරනු ලැබුවා. පරිසරවේදියෙක් වශයෙන් මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කැලෑවල ඉන්න අලි කියන්නෙ පොදු දේපොලක්. පොදු දේපොලක් සොරකම් කරගෙන බලෙන් අරගෙන ඇවිල්ල තමන් ළ`ග තියාගත්ත පුද්ගලයන් පොදු දේපලක් අනිසි ලෙස පරිහරණය කිරීමේ වරදට චෝදනාවට ලක්වූවන්. උසාවිය හමුවේ ඔවුන් වැරදිකරුවන් හැටියට නම් කරල තියෙනව. වැරදිකරුවන්ටම අලි නැවත බාර දෙනව කියන්නෙ නීති විරෝධි කටයුත්තක්. අපි දිගින් දිගටම කියන කාරණයක් තමයි පොදු දේපලක් අනිසි ආකාරයෙන් පරිහරණය කළ පුද්ගලයන්ට වරදට දියයුතුයි කියන එක. එසේ දඬුවම් නොදී, යළිත් අලින් ඔවුන්ටම බාර දෙන එක වැරදියි. ඒ නිසා ඒ නඩු භාණ්ඩය තිබිය යුත්තේ උසාවිය බාරෙයි. උසාවිය නම් කරන ඊට සුදුසු ස්ථානයක ඔවුන් රඳවා තැබිය යුතුයි.
දැනට ඇත්තුරු සෙවනෙ 5 දෙනෙක් ඉන්නව. පින්නවල 15 දෙනෙක් ඉන්නව. අලි 20 දෙනා රඳවල තියෙන්නෙ ඒ ස්ථාන දෙකේ. ඒ නිසා අපි යෝජනා කරනවා මේක අනිවාර්යෙන්ම නඩුව අවසාන වනතුරු ඔවුන් එම ස්ථානවලම රඳවා තබා ගෙන, නඩුව අවසානයෙයි ලැබෙන තීන්දුව අනුවයි සුදුස්සක් කළ යුතුවන්නෙ.

දැනට ගොනුකර තිබෙන නඩුව පොලීසිය විසින් කරන ලද පරීක්‍ෂණ අනුව නීතිපතිවරයා විසින් ගොනුකරන ලද්දක්ද? එහෙමත් නැත්නම් පරිසර සංවිධාන විසින් ගොනුකර තියෙන නඩුකටයුත්තක්ද?

රජය සතු දේපලකදි අයිතිකරුවා හැටියට නීතිපතිවරයාටයි නඩු පැවරීමේ බලය තියෙන්නෙ. පරිසර සංවිධාන හා අනෙකුත් සංවිධාන හා පරිසර හිතකාමී පුද්ගලයන් විසින් කෙරුවෙ, මේ පිළිබඳව තොරතුරු සැයපයීමයි. පරිසර සංවිධාන, පරිසරහිතකාමී පුද්ගලයන් විසින් අලි ඇල්ලීම් කළ පුද්ගලයන් පිළිබඳව මෙන්ම, අලි රඳවාගෙන සිටින පුද්ගලයන් පිළිබඳවද තොර තුරු සැපයීම. ඉතාම කැපවීමකින් කෙරුවා. ඒ මගින් සත්‍ය තොරතුරු රැුසක් හෙළිදරව් වුනා. ඒ කැපවීම අපතේ ගියොත් ජාතික අපරාධයක්. තව ඇල්ලිය යුතු පිරිසකුත් ඉන්නව. ඔවුන් තවමත් අලි බලෙන් රඳවාගෙන සිටිනව. රජය මෙම බරපතල සාපරාධි ක‍්‍රියාව පිළිබඳ නඩුව දිගින්දිගට පවත්වාගෙන ගිහිල්ල ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයි.

පරිසර සංවිධානවලට බැරිද මේ පිළිබඳව නඩුවක් ගොනු කිරීමට?

මේ ක‍්‍රියාදාමය සිදුවෙන ආකාරය ගැන බලලා අනිවාර්යෙන්ම සිද්ධ වෙනව මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව නඩුකරයකට යන්න. අපි බලා ඉන්නව රජය මේ කටයුත්ත නිසියාකාරයෙන් සිද්ධ කරයි කියල.

මනෝජ් රූපසිංහ..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *