දැන් 90 ට ගිහින් තියෙන වී 75 ට ගන්න ගමට එන්න එපා ! 120 ට අඩුවෙන් වී දෙන්නේ නැහැ – බැසිල්ගේ “සහනය” ට ගොවීන්ගේ මල පනී

දැනටමත් කිලෝව රුපියල් 90 ඉක්මවා ගොස් ඇති වී, ගොවියාට සහනයක් කියමින් රුපියල් 75 ට කිරන්නට ගමට නොඑන ලෙසත්, මහ කන්නයේ වී කිලෝව රුපියල් 120 ට අඩුවෙන් නොදෙන බවටත් රජරට ගොවීහු රජයට තම විරෝධය ප්‍රකාශ කරති.

කාබනික ගොවිතැනක් ගැන කියා ගොවිතැනට පොහොර නොදී තමන් අමාරුවේ දැමු රජය දැන් යන්තම් හදා ගත් වී ටිකත් කුණු කොල්ලෙට ගන්නට එන බව ඔවුහු කියති.

පවතින සහල් හිගය නිසා මේ වනවිට නාඩු සහල් කිලෝවක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ කිලෝව රුපියල් 165 තරම් වන මිලකට ය. ඒ අනුව වී කිලෝවකට මේ වනවිටත් රුපියල් 90 ඉක්මවා ගිය මිලක් නියම වී තිබේ.

පොහොර සහ කෘෂි රසායනික නොදීම නිසා මහ කන්නයේ කුඹුරු විශාල ප්‍රමාණයක් අතහැර දමා ඇති අතර වගා  කළ කුඹුරුවලින් ද ලබා ගත හැකි අස්වැන්න ඉතා සුළු බව ගොවීහු කියති.

මෙම තත්ත්වය යටතේ ඉදිරි මාස දෙක ගතවන විට විශාල සහල් හිගයක් ඇතිවන බවත් සහල් මිල ද ඉහළ යන බවත් විශ්වාස කෙරෙයි.

එබඳු තත්ත්වයක් යටතේ ගොවීන්ට වන්දි දෙන බව කී ආණ්ඩුව ඔවුන්ගේ වී ටිකත් අඩු මිලට ගන්නට කැස කැවීම ගැන ගොවීහු සිය කෝපය ප්‍රකාශ කරති.

දැන් වෙළෙදපොලෙන් වාර්තා වන සහල් මිල ගණන් මෙසේ ය – නඩු 165 යි ,සම්බා 220 යි, කීරි සම්බා 290 යි

මේ අතර රටින් ගෙන සහල් කන්ටේනර් 300 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිර වී ඇත්තේ නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *