ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුමෙන් අයි ඕ සී ට අවශ්‍ය දේ දෙයි

ඉන්දියානු ඔයිල් සමාගම ඉල්ලා සිටි පරිදි ඔවුන් භාවිත කරන තෙල් ටැංකි 14 ක් වසර 50 ක් සඳහා ඔවුන්ට බදු දීමේ ගිවිසුමට ඊයේ අත්සන් තැබීය.

මෙම තෙල් ටැංකි ශ්‍රී ලංකාව සතු මහා සම්පතක් ලෙස ඇතැමුන් හැඳින්වුව ද එයින් ගත හැකි වාණිජ ඵල ප්‍රයෝජන සීමා සහිත බව තතු දත් අංශ කියයි. ශ්‍රී ලංකාවේ දැනට ඇති වෙළෙඳපොළ අනුව මෙතරම් විශාල ටැංකි ප්‍රමාණයක තෙල් ගබඩා කිරීම අවශ්‍යතාවයක් නැත.

2003 වසරේ මෙම ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට පවරා  දුන්න ද ඔවුන් භාවිතයට ගත්තේ ටැංකි 14 කි. අනෙක් ටැංකිවලින් එතරම් වාණිජ ප්‍රයෝජනයක් නැති බව ඔවුන්ගේ තක්සේරුව වී තිබිණි. එමෙන් ම එම ටැංකි බොහොමයක් දිරාපත්ව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතියි. ඒ සඳහා විශාල වියදමක් ද දැරිය යුතු ය.

නව ගිවිසුම අනුව ඉන්දියානු ඔයිල් සමාගමට වාණිජ වශයෙන් වැදගත් තෙල් ටැංකි 14 ක් දිගු කාලීනව ඔවුන්ට ලබා දී ඇති අතර විශාල වියදමක් දරා සංවර්ධනය කළ යුතු ටැංකි පිලිබඳ වැඩි වගකීම ශ්‍රී ලංකාව භාරගෙන ඇති බව තතු දත් අංශ කියයි.

මේවා සංවර්ධනයට මුදල් සෙවීමේ වැඩි වගකීම ශ්‍රී ලංකාවට පැවරී ඇති අතර වාණිජ වශයෙන් ඉන් ප්‍රයෝජන ගැනීම ද අභියෝගයක් වන බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *