අගමැති පුටුවේ රණ්ඩුවට කෝට්ටේ වෙනම කාර්යාලයක් !

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොටබැසිල් රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම සඳහා රාජපක්ෂ සොහොයුරන් අතර ඇති වී තිබෙන ගැටුමේ දී , මහින්ද අගමැති ධුරයෙන් එලවීමේ කරයුත්ත මෙහෙයවීමට වේනම් කාර්යාලයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවා ඇති බව නෙත් රුපවාහිනී සේවය වාර්තා කරයි.

මෙම කාර්යාලය පිහිටුවා ඇත්තේ රාජපක්ෂ පවුලේ සැලසුමක් අනුව බව ද එම වාර්තාවෙන් කියයි.

නෙත් රුපවාහිනිය වාර්තා කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වන බවට පසුගිය දා ප්‍රචාරය කළේ ද රාජපක්ෂ පවුලේ උදවිය විසින් ම මෙහෙයවන මෙම වැඩ පිළිවෙළේ කොටසක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *