නොගත් චීන පොහොර ජරාවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි

චීනයෙන් ඇනවුම් කොට ප්‍රතික්ෂේප කළ විෂ සහිත ජරාව අඩංගු පොහොර නැව ආපසු රැගෙන යාම වෙනුවෙන් ඩොලර් මිලියන 6.9 ක් මුදලක් ගෙවා දැමීමට මහජන බැංකුව කටයුතු කොට ඇත.

උසාවියේ වාරණ නියෝගයක් මත මෙම මුදල් ගෙවීම නවතා තිබුන ද ලංකා පොහොර සමාගම සහ කොමර්සල් පොහොර සමාගම සිය නඩු ඉල්ලා අස් කරගැනීම නිසා වාරණ නියෝගය අහෝසි කරනු ලැබීය. එලෙස නඩු ඉවත් කර ගන්නා ලද්දේ මුදල් ගෙවීම සඳහා දෙපාර්ශවය සම්මුතියකට එළඹීම නිසා ය.

රට වටේ කැරකෙමින් සිටි පොහොර නැව කොහේ ගියා දැයි දැනගැනීමට නැති නමුත් අලුතින් වෙනත් පොහොර නැවක් එවීමට චීන සමාගම එකඟ වී ඇති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *