ජනාධිපතිගේ කතාවට දින දෙකක විවාදයක් ඕනෑ – කිරිඇල්ලත් කියයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනවාරි 18 දා ජනාධිපතිතුමා කරන කතාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අද ඉල්ලා සිටියේය.

මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ද එම ඉල්ලීම කළේය.

කිරිඇල්ල මහතා කියන්නේ ජනවාරි 19,20 දින දෙක මෙම විවාදය සඳහා වෙන්කළ යුතු බවයි.

18 දා ජනාධිපතිතුමා රටට ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ ගැන සාකච්ඡා කිරීමට මෙමගින් පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *