මේ ආණ්ඩුවත් රට ගෙනයන්නේ අශිෂ්ටත්වයටයි – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

මේ ආණ්ඩුව ගොඩනැගෙන විට ප‍්‍රධාන සටන් පාඨය වූයේ ඔවුන් යහපාලනය ගොඩනනගන බවයි. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් දේශපාලන අදහසක් තිබුණා. පවතින පාලනය අශිෂ්ට වී ඇත්නම් ඊට හේතුව පවතින සමාජ ආර්ථික දේහය බිඳවැටීම නිසා ඇතිවූ දෙයක් බව අපි දැනගෙන හිටියා. එම සමාජ ආර්ථික දේහය ගොඩනගන්නේ නැතිව ශිෂ්ට සම්පන්න පාලනයක් හදන්න බැරි බවත් අපි කිව්වා. එනිසා වත්මන් ආණ්ඩුව ගොඩනගන්න යන්නේ තවරන ලද යහපාලනයක් බවට අපිට අදහසක් තිබුණා.
ආණ්ඩුව කියන පරිදි යහපාලනය ගොඩනැගීමට නම් ප‍්‍රධාන වශයෙන් බිඳවැටී ඇති රාජ්‍ය සේවය නැවත ගොඩනැගිය යුතුයි. ඒ වගේම මහජන ධනය බදු, දඩ සහ ණය ලෙස අයකරගෙන මහා භාණ්ඩාගාරයේ පුරවා ගන්නා ධනය පෙරළා ජනතා සේවයට මුදාහැරිය යුතුයි. අඩුම තරමේ මෙම කරුණු දෙකවත් ඉටුකරන්නේ නැතිව ශිෂ්ට සම්පන්න පාලනයක් ගොඩනගන්න පුළුවන්කමක් නැහැ. මේ වනවිට රාජ්‍ය සේවය තිබුණටත් වඩා වැඩියෙන් දේශපාලනීකරණය වෙලා. ඊට පෙර කාලපරිච්ෙඡ්දයක් තිබුණා, පෙට්‍රෝලියම් එක පිරුණා රත්වත්තේ ඇමතිකම් කරන කාලයේ ඔහුගේ ගම් ප‍්‍රදේශයෙන්. අනුර යාපා ඇමති වෙනකොට ඔහුගේ ගමේ පිරිස්වලින් පෙට්‍රෝලියම් එකට පිරුණා. දැන් ගාල්ලෙනුයි, අම්පාරෙනුයි පිරෙනවා. ඒ වගේම තමයි වරායට අම්පාරෙන්, මාතරින් පිරුණු කාලයක් තිබුණා. මේ ආකාරයට සියලූ රාජ්‍ය ආයතන දේශපාලනඥයින් තමන්ගේ අන්තේවාසිකයින්ට වරදාන, වරප‍්‍රසාද ලබාදෙන තැන් බවට පත්කරගත්තා. ඒ වගේම දේශපාලන පළිගැනීම් කියන කමිටු අටවලා හිතමිතුරන්ට තනතුරු සහ වැටුප් වර්ධක ලබා දුන්නා. මේ නිසා රාජ්‍ය සේවය කඩා වැටිලා තිබෙනවා.
මෙම රාජ්‍ය සේවය කඩා වැටීමට ප‍්‍රතිපක්‍ෂව කටයුතු කළ යුතුව තිබුණු රනිල්-මෛතී‍්‍ර හවුල් පාලනය අද ඒ දේම කරමින් ඉන්නවා. අද අධ්‍යාපන සේවයට මොකක්ද වෙලා තිබෙන්නේ? එජාප-ශී‍්‍රලනිප-ජවිපෙ දේශපාලන භේදයක් නැතිව අපේ රටේ දරුවන් අධ්‍යාපනය ලබන ක්‍ෂේත‍්‍රයවත් දේශපාලන බලපෑමෙන් මුදා ගන්න රනිල්-මෛතී‍්‍ර පාලනය අසමත් වෙලා තිබෙනවා. බලයට ආපු රනිල් වික‍්‍රමසිංහ මොකද කළේ? ඔහු කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළා දේශපාලන හේතු මත ගැටලූවලට මුහුණ දුන් පිරිස්වලට සහන ලබාදෙන්න කමිටු පත්කළ යුතුයි කියලා. එහිදී ඔහු කිව්වා 1994 සිට දේශපාලන ප‍්‍රශ්නවලට මුහුණ දුන්නු පිරිස් එජාප මූලස්ථානයට පැමිණිලි කළා කියලා. අපි අහන්නේ කවදද සිරිකොත රාජ්‍ය සේවයේ මධ්‍යස්ථානයක් වුණේ කියලා. පක්‍ෂ කාර්යාලයට ලැබුණු පැමිණිලි පදනම් කරගෙන තමයි රනිල් වික‍්‍රමසිංහ කැබිනට් පති‍්‍රකා දාන්නේ. ඒ අනුව කැබිනට් එක අනුමැතිය දුන්නා, කමිටු පත්කරන්න කියලා.
ඒ අනුව එක් එක් අමාත්‍යාංශ්‍යට කමිටු පත්කළා. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පළිගැනීම්වලට ලක්වූවන් වෙනුවෙන් පත්කළ කමිටුවේ සාමාජිකයන් කව්ද? එච්.එම්. සිරිසේන, හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයෙක්. පි‍්‍රයන්ත පත්බේරිය, කඩුවෙල නගර සභාවේ එජාපයේ හිටපු විපක්‍ෂ නායකයා. පී.කේ. විතානගේ, හිටපු පළාත් අධ්‍යාපන අමාත්‍ය සුරනිමල රාජපක්‍ෂගේ සම්බන්ධීකරණ ලේකම්. ජේ.ඒ. සුනිල් පේ‍්‍රමසිරි, එජාප අධ්‍යාපන වෘත්තීය සමිතියේ ලේකම්වරයා. අධ්‍යාපන සේවයේ අසාධාරණයට ලක්වූ අයට සහන සලස්වන්න පත්කරලා තිබෙන්නේ කව්ද? සියලූම දෙනා එජාපයේ සාමාජිකයින්. එම කමිටුවේ නිර්දේශ අනුව අධ්‍යාපන පරිපාලන සේවයේ 68 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. පළමු වතාවට ගුරු අධ්‍යාපන සේවයේ 04කට උසස්වීම් ලබාදී තිබෙනවා. විදුහල්පති සේවයේ 616කට, ගුරුසේවයේ 1680කට, විශ‍්‍රාම ගිය 2012ක් ඇතුළුව 4500කට අධික ප‍්‍රමාණයකට සහන ලබාදී තිබෙනවා.
මොකකද්ද දේශපාලන පළිගැනීමක් කියන්නේ? යම් පුද්ගලයෙකු සුදුසුකම් සම්පූර්ණ කර තිබියදී ඔහුගේ දේශපාලන කි‍්‍රයාකාරිත්වය හේතුකොටගෙන යම් ආණ්ඩුවක් මගින් උසස්වීම්, මාරුවීම් ලබා නොදී සිටී නම් එය දේශපාලන පළිගැනීමක් කියන්න පුළුවන්. දැන් මේ උසස්වීම් ලබාදී තිබෙන්නේ කාටද? යූ.එල්. මොහොමඞ් බුහාරි මහතා, ගුරු සේවයේ දෙවැනි ශ්‍රේණියේ සිට විද්‍යා පීඨ පීඨාධිපති දක්වා උසස් කර තිබෙනවා. එම තනතුර ලබාගැනීමට නම් අධ්‍යාපන කළමනාකරණය පිළිබඳව උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබීම, පිළිගත් විශ්වවිද්‍යාලයක පළමු ශ්‍රේණියේ හෝ දෙවැනි ශ්‍රේණියේ උපාධියක් තිබීම, විෂයානුබද්ධ පශ්චාත් උපාධියක් තිබීම, පත්වීමට පෙර සා.පෙළ ඉංග‍්‍රීසි විෂය සමත්වී තිබීම ප‍්‍රධාන සුදුසුකම් බවට පත්වී තිබෙනවා. එසේ තිබියදී අත්‍යාවශ්‍ය සුදුසුකම්වත් සම්පූර්ණ නොකර තිබියදී ගුරු සේවයේ සිට පරිපාලන සේවයට උසස්කර තිබෙනවා. ඒ වගේම කේ.බී. කීර්තිරත්න, ඞී.පී.වයි. නිමල් කුමාර ඇතුළු 4 දෙනෙකුට සුදුසුකම් සම්පූර්ණ නොකර තිබියදී අධ්‍යාපන පරිපාලන සේවය දක්වා උසස්වීම් ලබාදී තිබෙනවා.
ඊට අමතරව කමිටුවේ සිටි 4 දෙනා තමන් විසින්ම තමන්ට උසස්වීම් අරගෙන තිබෙනවා. පි‍්‍රයන්ත පත්බේරිය කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක්. ඔහු ප‍්‍රසිද්ධියට පත්වුණේ විදුහල්පතිවරයෙකුට පහර දීමෙන් පසුවයි. එවැනි පුද්ගලයින්ට තමයි ගුරු සේවයේ සිට පරිපාලන සේවයට උසස්වීම් ලබාදී තිබෙන්නේ. අඩුම තරමේ කඩඉම් විභාගයවත් පාස් වීමෙන් තොරව උසස්වීම් ලබාගන්න පුළුවන්කමක් නැහැ. කමිටුවේ සිටි පී.කේ. විතානගේ කියන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ 3වැනි ශ්‍රේණියේ සිටි පුද්ගලයෙක් ඔහු තුන් පිම්මක් පැනලා අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළම ශ්‍රේණියට උසස්වීමක් ලබාගෙන තිබෙනවා. මේකද රනිල්ගේ යහපාලනය? පුද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් දේශපාලනය කරන කිසිවෙකුටවත් මේ රටේ යහපාලනය ගොඩනගන්න බැහැ. ඔවුන් කටයුතු කරන්නේ තවදුරටත් බලයේ රැුඳී ඉන්න, තව තවත් ලාභ අපේක්‍ෂාවෙන් දේශපාලන බලය හැසිරවීමත් පමණයි. තමන්ගේ හිතවතුන්ට වරදාන, වරප‍්‍රසාද වැඩිකරගන්න ආපු කණ්ඩායමකින් අපි යහපාලනය බලාපොරොත්තු වෙන්නේ නැහැ. එනිසා මේ ඇතිවෙලා තිබෙන අධ්‍යාපන සේවයේ බරපතළ කඩාවැටීමට, බරපතළ විනාශයට එරෙහිව මේ රටේ ජනතාව හඬක් නැගිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ජනතාවට ආරාධනය කරනවා.
ඒ වගේම පසුගියදා ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56ක් පත්කරගත්තා. ඒ සියලූම දෙනා මහනුවර දිස්ති‍්‍රක්කයෙන්. එක් අයෙකුගේ වැටුප සහ වාහන දීමනාව රු. 65,000ක්. සමහර උපදේශකයෝ සාමාන්‍ය පෙළවත් සමත්වෙලා නැහැ. අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ලට උපදෙස් දෙන්නේ සාමාන්‍යපෙළත් අසමත් උපදේශකයෝ. මේ විදියට තමයි මොවුන් මහජන ධනය විනාශ කරන්නේ. ඊට අමතරව ලක්‍ෂ්මන් කිරිඇල්ල සම්බන්ධීකරණ ලේකම්වරු 94ක් පත්කරගෙන තිබෙනවා. ඒ, ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අමතරවයි. තමන්ගේ බිරිඳයි, දියණියයි වෙනම සම්බන්ධීකරණ ලේකම්වරු විදියට ඉන්නවා. අපිට තේරෙන්නේ නැහැ මේ තරම් සම්බන්ධීකරණ ලේකම්වරු මොකටද කියා. මේවා කොහොමද යහපාලනය වෙන්නේ? මේ මහජන ධනය යාළුවන්ට, හිතමිතුරන්ට බෙදන්න තෝරාගන්නා උපක‍්‍රමයක්. මේකට කියන්නේ අශිෂ්ට පාලනයක් කියලා. එය රාජපක්‍ෂ පාලනය පරාජය කරන තරමේ අශිෂ්ට පාලනයක්.
මීට අමතරව ¥ෂිතයන්ට එරෙහිව කරන පරීක්‍ෂණයන්ට මොකද වෙලා තිබෙන්නේ? මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අවසන් කරන ලද ලිපිගොනු හිරවෙලා තිබෙනවා. මීට පෙර චෝදනා කළේ නීතිපතිවරයා විසින් අවශ්‍ය කටයුතු සිදු නොකරන නිසා ¥ෂිතයන්ට දඬුවම් දීමේ බාධාවක් තිබෙනවා කියලා. 2016.05.18 දින නීතිපති දෙපාර්තමේන්තුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විසින් එෆ්.සී.අයි.ඞී.යට ලිපියක් නිකුත් කළා සංචාරක අමාත්‍යාංශයේ වංචා ගණනාවක් සම්බන්ධයෙන්. සමස්ත ලංකා පැවිදි සංවිධානයට 2015.01.07 වැනිදා රුපියල් මිලියන 5ක චෙක්පතක් නිකුත් කිරීම ඇතුළු සංචාරක අමාත්‍යාංශයේ ¥ෂිත ගනුදෙනු ගණනාවක් පිළිබඳව පරීක්‍ෂණ සිදුවෙමින් තිබෙනවා. ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබුණා, එම ගනුදෙනුවලට චෝදනා ලැබූ පුද්ගලයින් පොදු දේපොළ පනත අනුව වැරදිකරුවන් බව නිර්දේශකර තිබෙන නිසා ඔවුන් අත්අඩංගුවට අරගෙන ප‍්‍රකාශ සටහන්කරගෙන මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත්කොට කඩිනමින් වාර්තාවක් ලබාදෙන්න කියලා. එම චූදිතයන් අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් ඉන්නවා. නමුත් දැන් සති දෙකක් ගතවෙලා තිබෙනවා, ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. එෆ්.සී.අයි.ඞී.එකේ නිලධාරීන් පරීක්‍ෂණ කරලා වාර්තා හැදුවට ¥ෂිතයන්ට දඬුවම් ලබාදීමේ ප‍්‍රමාදයක් තිබෙනවා. ඒ සඳහා පැහැදිලිව දේශපාලන හස්තයක් තිබෙන බව අපි දන්නවා. මූල්‍ය අපරාධ කොට්ඨාසය ආණ්ඩුවේ විරුද්ධවාදීන් දඩයම් කරන ස්ථානයක් බවට පත්විය යුතු නැහැ. එෆ්.සී.අයි.ඞී.ය මගින් සිදුකරන පරීක්‍ෂණ දේශපාලන බලපෑමෙන් තොරව සිදුකළ යුතුයි. ඇතැම් දේශපාලනඥයින් දුරකතනයෙන් කතා කොට ඇතැම් පරීක්‍ෂණ කටයුතු ප‍්‍රමාද කරනවා.
මෙය ආණ්ඩුවේ ඇමතිවරයක් වන රාජිත සේනාරත්න බරපතළ මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන ප‍්‍රවෘත්ති හදනවා. ඔහුට එරෙහිව පැමිණිල්ලක් තිබෙනවා මෝදර ධීවර වරාය කුලියට දීම සම්බන්ධයෙන්. ධීවර වරායේ රජයේ තක්සේරුව වූයේ මසකට රු. ලක්‍ෂ 17ක්. එසේ තිබියදී රාජිත සේනාරත්න විසින් කුලියට දී තිබෙන්නේ මසකට රු. එක්ලක්‍ෂ හැත්තෑ පන්දාහ ගානේ. මාසයකට පමණක් පාඩුව රු. 15,25,000ක්. අවුරුදු 25ක් සඳහා මෙම කුලියට දීම සිදුකර තිබෙනවා. මේ ආණ්ඩුව තමන් සමඟ සිටින ¥ෂිතයින්ගේ පරීක්‍ෂණ යට ගහනවා. ආණ්ඩුවට එන්න ඉන්න අයගේ පරීක්‍ෂණ යට ගහනවා. ආණ්ඩුවේ ඉන්න ඇතැම් දේශපාලන පක්‍ෂවල ලේකම්වරු, එෆ්.සී.අයි.ඞී.එකට කතාකොට පරීක්‍ෂණ ප‍්‍රමාද කරනවා. අද මෙම පරීක්‍ෂණ කටයුතු තමන්ගේ පැත්තට පුද්ගලයින් දිනා ගැනීමේ මෙවලමක් බවට පත්කොට තිබෙනවා.
සජින් වාස් ගුණවර්ධන එළියට ආවේ කොහොමද? ඔහුට පොලිස් ආරක්‍ෂාව දුන්නේ කොහොමද? සජින් වාස් මෛතී‍්‍රගේ මැයි රැුලිය සංවිධායකයා වුණේ කොහොමද? එනිසා මේ සිදුවෙමින් තිබෙන්නේ රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව වංචනිකයින්ට, ¥ෂිතයින්ට දඬුවම් දීම වෙනුවට ඔවුන් ආරක්‍ෂා කිරීමයි. මේක තමයි අශිෂ්ට පාලනය. අවුරුදු එක හමාරක් ගතවන විට මේ ආණ්ඩුව මේ රට අශිෂ්ටත්වය දක්වා රැුගෙන යමින් තිබෙනවා. අශිෂ්ට පාලනය වෙනුවට ශිෂ්ට සම්පන්න පාලනයක් ගේන්නයි ජනතාව ඡුන්දය දුන්නේ. එනිසා අපි යහපාලනය බලාපොරොත්තු වෙන ජනතාවට කියනවා  ඕපපාතිකව යහපාලනය උදාකරගන්න බැහැ කියලා. ඒ සඳහා සමාජ ආර්ථික දේහයේ වෙනසක් සිදුකළ යුතුව තිබෙනවා. ශිෂ්ට සම්පන්න සමාජ ආර්ථික වෙනසක් වෙනුවෙන් සියලූම දෙනා පෙළගැසිය යුතු කාලයක් එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනාට ආරාධනය කරනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *