අනුෂ පැල්පිටගේ වැඩ තහනම්

යුක්තිය මගින් ඊයේ මුල්වරට හෙලිකල පරිදි පරිපාලන සේවා නිලධාරී අනුෂ පැල්පිට මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසන් සභාව ඊයෙම කටයුතු කළේය .

ඒ සමගම  වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් සඳහා පත් කොට සිටි කිත්සිරි රණවක මහතාගේ ද වැඩ  තහනම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන් රජයේ විවිධ තනතුරු දරමින් හිටපු ජනාධිපතිවරයාගේ හා මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතා පරිදි රාජ්‍ය දේපළ හා ජනතා මුදල් අවභාවිතා කළ බවට චෝදානා එල්ල වූ වන් වන අතර ඔවුන්ට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.

කිත්සිරි රණවක මහතා එවකට දිවි නැගුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටි අතර එසේ සිටිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරයක කටයුතු වෙනුවෙන් රුපියල් තුන්කෝටියක් මහජන මුදලින් වැයකොට ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු ගොනු කර තිබේ.

අනුෂ පැල්පිට මහතා එවකට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටියදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරයක කටයුතු වෙනුවෙන් සිල් රෙදි බෙදාදීම සඳහා රුපියල් මිලියන 600ක බරපතල මුල්‍ය වංචාවක් සම්බන්ධව මහාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *