‘‘නව වසාක් උදාවෙද්දීත් ආණ්ඩුවට සැලැස්මක් නෑ‘‘, ” රට පුරා ජනතාව පෝලිම්වල ” – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

 

ආණ්ඩුවේ සැලසුමක් නැති කටයුතු හේතුවෙන් නව වසරක් උදාවන මොහොතේ පවා ජනතාවට ගෑස් හා කිරි පිටි පෝලිම්වල පැය ගණන් රැදී සිටීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

නව වසරක් උදාවන මොහොතේ එය සතුටින් සැමරීම පසෙක තබා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලිප ගිනි මොලවන්නට මෙරට මිනිසුන් පෝලිම් ගැසී සිටිනු දැකීම නව වසරේ තමන් දුටු ශෝක ජනකම දසුන යැයි ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ කොළඹ හයිඩ්පාක් කෝනර් හි පිහිටි කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමිනි.

නව වසරට සුබ පැතීම වෙනුවෙන් විජයවර්ධන මහතාගේ කොළඹ කාර්යාලයට විශාල පිරිසක් පැමිණ සිටියහ. එහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි ජනතාවට පෝලිම් වල සිරවී නව වසර සැමරීමට සිදුව ඇති බවයි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *