ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1500 ක ‘ක්‍රෙඩිට් කාඩ්’ එකක් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි විදේශ විනිමය අර්බුදය හමුවේ එයට මුහුණ දීමට සහයක් ලෙස ඩොලර් මිලියන 1,500 ක් ( බිලියන 1.5 ක ) ණය පහසුකමක් ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වෙයි.

මෙම ණය පහසුකම ලැබෙන්නේ ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සඳහා පමණකි.

ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල දී ගැනීමට ඩොලර් මිලියන 1000 ක් සහ ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් මිලියන 500 ක් ලෙස මෙම ණය සහනය ලබා දීමට ඉන්දීය රජය අනුමත කොට ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මෙම ණය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාව සමග මීට පෙර ඇතිකරගත් ගිවිසුම්වල කරුණු ක්‍රියාත්මක කිරීමට පියවර  ගන්නා ලෙස ද ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *