ගෑස් පෝලිම් තවත් සති තුනක් – ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ

ජනතාවට පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට තව සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කරයි

අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් කාලයක්  ගතවීම නිසාත් යන්ත්‍රසූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නිසාත් යම්කිසි ප්‍රමාදයක් පවතින බවත් සභාපතිවරයා පවසයි

මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට  වෑල් 3000 ක් පමණ මාරු කරන බවත්  වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් එම කටයුතු හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *